Tuesday, April 22, 2025
Home » ලග්න පලාපල

ලග්න පලාපල

by mahesh
January 3, 2025 1:00 am 0 comment

රාහු කාලය
දහ­වල් 10.47 – 12.15 දක්වා
රාත්‍රී 10.43 – 12.15 දක්වා
දිව්‍ය­මය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 5.25ට උතුර බලා
උදේ 07.01ට උතුර බලා
ලොත­රැයි මිලදී ගැනී­මට
උදේ 8.21 ට උතුර බලා
උදේ 09.00ට උතුර බලා
පැළ සිටු­වී­මට
උදේ 10.27ට උතුර බලා
සවස 4.41ට උතුර බලා

මේෂ
තීන්දු තීරණ සාර්ථක වේ
ඔබ ගත් බොහෝ තීන්දු තීරණ සාර්ථක කර ගැනී­මට හැකිවේ. සිතට නිද­හස සතුට මතුවේ. හුදෙ­ක­ලා­වම කට­යුතු කිරී­මට ප්‍රිය­තා­ව දක්වයි.

වෘෂභ
සමාජ කට­යුතු කෙරෙන් ප්‍රශංසා

බොහෝ අසීරු කට­යුතු සර­ලව ජය ගැනී­මට අව­ස්ථාව උදාවේ. පිට­ර­ට­කට හෝ දුර බැහැර ගම­න් යෙදේ. පොදු සමාජ කට­යුතු සාර්ථක ලෙස නිම­කොට ඒ තුළින් වර­ප්‍ර­සාද හා ප්‍රශංසා ලැබී­මට ද සමත් වේ.

මිථුන
අත­මිට සරුවේ
ව්‍යාපාර සපල වේ. තමා කර­ගෙන ආ ව්‍යාපා­ර­ව­ලට අම­තර අලුත් ආදා­යම් මාර්ග පෑදෙනු ඇත. පොදු අර­මුණු ඉටු­කර ගැනී­මට කට­යුතු ක­රයි. අත­මිට සරුවේ.

කටක
රැකි­යාවේ යහ­ප­ත්කම්
රැකි­යාවේ ප්‍රව­ර්ධ­න­යක් හා තන­තු­රු­වල උස­ස් වී­මක් විය හැකියි. වාහන, ඉඩම්, නිවාස හිමි­කම් ද රාජ­කා­රි­යට අදාළ නිල නිවාස හිමි­ වී­මක් ද දක්නට ලැබේ.

සිංහ
පුණ්‍ය­වන්ත දේට සිත යොමයි
පුණ්‍ය­වන්ත දිනකි. පොදු අර­මුණු ජය ගනී. නිවසේ නිතර දෙවේලේ දාන­මාන කට­යුතු කෙරේ යොමු වෙයි. දුර­බැ­හැර වන්දනා ගමන්­ව­ලට වැඩි ඉඩක් යොදා ගනියි.

කන්‍යා
තුන­ටි­යට අප­ලයි
එදි­නෙදා ගමන් බිම­න්ව­ලදී ප්‍රවේ­සම් විය යුතුයි. හදිසි අන­තුරු නිසා තුන­ටි­යට අප­ලයි. ආර­වු­ල්ව­ලට පමු­ණු­වයි. දාන­මාන කට­යු­තු­ව­ලට හුරු­ විය යුතුයි. අන් අයට පිහි­ට ­විය යුතුයි.

තුලා
­මංගල යෝග
මංගල යෝග උදාවේ. සමා­ජයේ කැපීපෙනෙන චරිත බවට පත්වේ. දුර බැහැර ගමන් හා අත­මිට හිඟ ­වන ආකා­රයේ කට­යුතු කෙරේ යොමු වේ.

වෘශ්චික
නීති ගැට­ලු­
තමා පිළි­බඳ සමා­ජ­ගත වන වැරදි මත­යක් දුරු­ කි­රී­මට උත්සාහ ගැනී­මට සිදු වේ. තමාට එරෙහි අයකු සමඟ මත­වාද ඇතිකර ගනි­මින් නීති ගැට­ලු­ව­ලට පවා මුහු­ණ­ දී­මට සිදු වේ.

ධනු
නව ආයෝ­ජ­න­
තම පවුලේ සම­ඟිය, සමා­දා­නය ආරක්ෂා වෙයි. අස­ල්වාසී අය සමඟ උරෙ­නුර ගැටී කට­යුතු කිරී­මට යොමු­වනු ඇත. අතට මිල මුදල් ලැබේ. නව ආයෝ­ජ­න­ව­ලින් ආර්ථික ශක්තිය උදාවේ.

මකර
දේපළ හිමි­කම්
දේපළ හිමි­කම, වාහන හිමි­කම මෙන්ම නිතර මිල මුදල් අත ගැව­සීම සිදු වේ. කාර්ය­බ­හු­ල­තා­වක් දක්නට ලැබෙන අතර සමාජ සුබ­සා­ධන කට­යුතු කෙරේ ද නිතර සිත යොමු වනු ඇත.

කුම්භ
සමා­ජයේ කැපී පෙනෙයි
සමාජ පිළි­ගැ­නී­මට ලක්වේ. කැපී පෙනෙන චරි­ත­යක් බවට පරි­ව­ර්ත­නය වේ. මූල්‍ය­මය පාඩු සිදු­විය හැකි වෙතත් එත­රම් පසු­තැ­වී­මට හේතු නොවේ.

මීන
හදිසි ධන ලාභ
හදිසි ධන ලාභ මතු වේ. මැණික් ව්‍යාපා­ර­වල උසස් ප්‍රති­ලාභ හිමි වේ. වැවිලි ක්ෂේත්‍රයේ අයකු නම් පල­දාව උස­ස් වේ. උගුරේ, තුන­ටියේ ආපදා මතු­විය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT