Home » දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු යළි කැඳවයි

දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු යළි කැඳවයි

by chanaka
January 3, 2025 1:23 pm 0 comment

ඉකුත් සමයේ දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි දිවයිනට කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත් කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බවයි.

දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT