Home » කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි

කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි

by yasara
January 3, 2025 12:48 pm 0 comment

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3ක් දීර්ඝ කිරීමට අද (03) නියෝග කළේය.

ඒ කොළඹ මහාධිකරණය විසිනි.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගය අද අවසන් වීමට නියමිතව තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාළ නියෝගය අප්‍රේල් මස 02වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT