Home » රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට

by yasara
January 3, 2025 9:50 am 0 comment

සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කරයි.

එම සංසදය කියා සිටියේ අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශවයක් සිදු කළ ද යන්න මෙතෙක් නිශ්චිතවම තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT