Friday, April 25, 2025
Home » මාතර බන්ධනාගාර සිද්ධියෙන් තවත් අයෙක් මරුට

මාතර බන්ධනාගාර සිද්ධියෙන් තවත් අයෙක් මරුට

by yasara
January 3, 2025 8:38 am 0 comment

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අනුව මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.

පසුගිය පළමුවැනිදා (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් සියලු දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කෙරිණි.

ඉන් එක් අයෙකු එදිනම මියගියේය.

මේ වනවිට තුවාල ලැබූ 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT