Home » ත්‍රිකුණාමල මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි භාර දීමේ සූදානමක්

ත්‍රිකුණාමල මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි භාර දීමේ සූදානමක්

by chanaka
January 2, 2025 4:55 pm 0 comment

ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේ තිබී සොයා ගත් ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානය ආදාළ සමාගමට භාරදීම සඳහා අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනෙක ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේ තිබී සොයා ගත් ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව අනාවරණය වී තිබේ.

ඒ අනූව මේ පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ගුවන් හමුදාපතිවරයා වෙත භාර දී අවසන්ය.

අදාල වාර්තාවෙන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි.

එසේම මෙම ඩ්‍රෝන යානය, ඉන්දීය සමාගමකට අයත් එකක් බවට හෙළිව ඇත.

මේ අතර එය පුහුණුවීම් සඳහා භාවිත කළ එකක් බවටද අනාවරණය වී තිබේ.

මෙම ඩ්‍රෝන යානය ඉකුත් 27 වැනිදා ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේ තිබියදී ධීවරයින් පිරිසකට හමුව තිබුණි.

ඒ අනූව සොයා ගත් යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බව විමර්ශන වාර්තාව මගින් අණාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT