සිය නිෙවසේ වහල මත තිබෙන ජල ටැංකියේ සිට නිෙවස තුළට ජලය රැගෙන එන නළ පද්ධතියේ දෝෂයක් පරීක්ෂා කිරීමට වහලය මතට නැඟි ව්‍යාපාරිකයකු සෙවිලි තහඩු කඩාගෙන බිම ඇදවැටීමෙන් මිය ගොස් ඇතැයි කුරුණෑගල පොලීසිය සඳහන් කරයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කුරුණෑගල, පොල්ලත්තාපිටියේ පදිංචිව සිටි දෙදරු පියකු වන කේ.ඒ. ලෝචන චතුර නමැති 50 හැවිරිදි වියෙහි පසුවූ අයෙකි.
නිවෙසට සැපයෙන ජලනළ මාර්ගයේ ඇතිව තිබූ දෝෂයක් පරීක්ෂා කර බැලීම සඳහා පෙරේදා (31) පස්වරුවේ ඔහු නිෙවසේ වහලය මතට නැඟ ඒ මතින් ගමන් කළ අවස්ථාවේදී වහලයේ සෙවිලි ආවරණ කඩාගෙන නිෙවස තුළට ඇද වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.
හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිටි මෙම පුද්ගලයාගේ බිරිය මීට මාස කිහිපයකට පෙර විදේශ රැකියාවක් සඳහා ගොස් තිබේ.
කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක දේශබන්දු ධර්මකීර්ති අමරසිංහ මහතා මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ මෙහෙයවීමෙන් එම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරිණි.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න