Home » චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේ අක්‍රමිකතා විමර්ශනයට

චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේ අක්‍රමිකතා විමර්ශනයට

by sachintha
January 2, 2025 1:06 am 0 comment

ලොව පුරා වැඩි අවධානයක් යොමුවූ චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේදී ෂැංහායි සහ කුන්මිංග් අතර අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ චීන දුම්රිය සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දීර්ඝ කාලයක් පුරා චීනයේ අති නවීන තාක්ෂණික ප්‍රගතිය ලොවට විදහා දක්වමින් ඉදිකර ඇති චීන අධිවේගී දුම්රිය මාර්ගයේ ෂැංහායි සහ කුන්මිංග් අතර කොටසේ පිරිවැය අඩු කිරීමේ චෝදනා එල්ල වී ඇති බවත්, එය මගීන්ගේ ආරක්ෂාව සහ යටිතල ව්‍යුහය පිළිබඳ චීන දුම්රිය සමාගමේ කනස්සල්ලට හේතු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම මාර්ගයේ ගුයිෂූ පළාතේ උතුරින් පිහිටි පෑන් ජියැං පාලම මතින් දුම්රිය ධාවනය කිරීමේදී එහි වේගය පැයට කිලෝමීටර් 70 දක්වා අඩු කිරීමට සිදුවීම, චීන දුම්රිය සමාගමේ වැඩි අවධානය යොමුවූ කරුණක් වී ඇතැයි ද, එම මාර්ගයේ අපේක්ෂිත වේගය වන පැයට කිලෝමීටර් 300 ක් වන බැවින් එය බරපතළ ගැටලුවක් නිර්මාණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT