Home » යුක්රේනය ඔස්සේ යුරෝපයට රුසියානු ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි වෙයි

යුක්රේනය ඔස්සේ යුරෝපයට රුසියානු ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි වෙයි

-යළි අලුත් නොකරන බව යුක්රේන ජනපති කියයි

by sachintha
January 2, 2025 1:05 am 0 comment

යුරෝපා රටවලට ගෑස් සැපයුම් නළ මාර්ගය සඳහා සිය භූමිය භාවිත කිරීමට යුක්රේනය විසින් රුසියාව සමඟ ඇතිකරගත් දිගුකාලීන ගිවිසුම අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනය සමඟ වසර 1991 දී ඇතිකරගත් ගිවිසුම පසුගිය 25 වැනිදා අවසන් වූ බව යුරෝපයට ගෑස් සපයනු ලබන රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගම සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

එම ගිවිසුම නැවත අලුත් නොකරන බවත්, සිය ජනතාවගේ රුධිරය ඔස්සේ රුසියාවට බිලියන ගණනින් මුදල් උපයා ගැනීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවත් යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්සි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද හංගේරියාවට, තුර්කියට සහ සර්බියාවට තවදුරටත් ගෑස් සැපයුම කළු මුහුද ඔස්සේ අඛණ්ඩව සිදු කිරීමට රුසියාවට හැකියාව ඇතැයි ද, යුරෝපයේ සෙසු රටවලට ඉන් දුෂ්කරතා සිදුවීමට ඉඩ ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT