Home » පළමුවරට නවදිල්ලියේ සිට කාශ්මීරයට සුඛෝපභෝගී දුම්රිය සේවා 5ක්

පළමුවරට නවදිල්ලියේ සිට කාශ්මීරයට සුඛෝපභෝගී දුම්රිය සේවා 5ක්

by sachintha
January 2, 2025 1:03 am 0 comment

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කාශ්මීරය දක්වා ඓතිහාසික දුම්රිය සේවා 5ක් අගමැති නරේන්ද්‍ර මෝදි අතින් මේ මස විවෘත වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මගීන්ගේ සුවපහසුව සැලකිල්ලට ගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත එම දුම්රිය සේවා කාශ්මීරයට නව සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට රුකුලක් වනු ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මගීන්ගේ ආරක්ෂාවට සහ සුවපහසුවට ප්‍රමුඛත්වය දෙමින් එවැනි දුම්රිය සේවයක් කාශ්මීරය දක්වා ධාවනය වන පළමු අවස්ථාව මෙයවනු ඇතැයි ද, එම දුම්රිය ගමන් ගන්නා මාර්ගයේ දුම්රිය ස්ථානවල ගුවන්තොටුපොළට සමාන ආරක්ෂක විධිවිධාන සහ දුම්රියට ගොඩවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇතැයි ද වාර්තා වේ.

කාශ්මීරයේ සීත සෘතුවට ඔරොත්තු දෙන පරිදි දුම්රිය මැදිරි උණුසුම් කරන තාප පද්ධතියකින් ද සමන්විත එම සුඛෝපභෝගී දුම්රිය සේවය ලබන 6 වැනිදා අගමැතිවරයා අතින් විවෘත වීමට නියමිත බවත්, කාශ්මීරයේ සංචාරය කරන මගීන්ට අන්තරජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන් කරගැනීම් පිළිබඳ තොරතුරු එරට දුම්රිය අමාත්‍යාංශය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT