Home » නව වසරේ ලොව කලඹන අනාවැකි හෙළි වෙයි
නොස්ට්‍රඩමස්ගේ සහ බාබා වැංගාගේ

නව වසරේ ලොව කලඹන අනාවැකි හෙළි වෙයි

-ස්වාභාවික විපත් සහ පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණ වැඩිවෙන බවටත් අනාවැකි

by sachintha
January 2, 2025 1:02 am 0 comment

උදාවූ 2025 වසරේදී යුරෝපය පුරා දරුණු ගැටුම් සිදුවන බවටත්, ලොව බටහිර බලපෑම් යටපත් කරමින් රුසියාව නැඟී සිටින බවටත් 16 වැනි සියවසේ ප්‍රංශයේ හිටපු ලොව ශ්‍රේෂ්ඨතම පේනකියන්නා වූ නොස්ට්‍රඩමස්ගේ සහ 20 වැනි සියවසේ බල්ගේරියාවේ හිටපු අන්ධ පේනකාරිනිය බාබාගේ අනාවැකි අතර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සියවස් ගණනාවක් ඉදිරියට අනාවැකි පළ කිරීමේ විස්මිත හැකියාවක් තිබූ නොස්ට්‍රඩමස්ගේ සහ එවැනිම හැකියාවක් තිබූ බාබා වැංගාගේ එම අනාවැකි සම්බන්ධව මේ වනවිට ලොව පුරා වැඩි අවධානයක් යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපයේ ගැටුම් සහ රුසියාවේ නැඟී සිටීමට අමතරව පෙර නොවූ විරූ අයුරින් ස්වාභාවික විපත් සහ පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණ වැඩිවනු ඇතැයි ද නොස්ට්‍රඩමස් සහ බාබා වැංගා දෙදෙනාම අනාවැකි පළ කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අභ්‍යන්තර සහ බාහිර සතුරන්ගෙන් පෘථිවියට දැඩි බලපෑම් එල්ල වන බවට නොස්ට්‍රඩමස් අනාවැකි පළ කර ඇත්තේ 16 වැනි සියවසේදී වන අතර, 17 වැනි සියවසේ ලන්ඩනයේ මහා ගින්න පිළිබඳ සහ විසිවැනි සියවසේ හිට්ලර්ගේ නැඟී සිටීම ගැනත් ඔහු එවකට අනාවැකි පළ කර තිබූ බව වාර්තා වේ.

නොස්ට්‍රඩමස්ගෙන් පසුව ලොව ශ්‍රේෂ්ඨතම අනාවැකිකාරිනිය බවට පත්වූ බාබා වැංගා මීට පෙර ඩයනා කුමරියගේ මරණය සහ සැප්තැම්බර් නිව්යෝර්ක් ප්‍රහාරය පිළිබඳ නිවැරැදි අනාවැකි පළ කළ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT