Tuesday, April 8, 2025
Home » ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

by chanaka
January 2, 2025 6:55 pm 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, දේශපාලන විචාරයෙකු මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අද (02) පෙරවරුවේ  අභාවප්‍රාප්ත වී තිබේ.

1928 ජූනි 08 වැනිදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

කාලයක පටන් අසනීප තත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවය වාර්තා වේ.

සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම සංවිධායක ලෙසද කලක් කටයුතු කළ අතර 2010-15 කාලයේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ද දැරීය.

හිටපු විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ද වූ සූරියප්පෙරුම මහතා ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන ඔස්සේ ‘හසන්ත සමග’ සිදු කළ සංවාද කාලයක් ජනප්‍රිය විය.

ප්‍රකට දේශපාලන විචාරකයකු, දේශපාලනඥයකු, අර්ථ ශාස්ත්‍රඥයකු සහ හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා දිගු කලක් පුවත්පත්, ගුවන්වි­දුලි හා රූප­වා­හිනී මාධ්‍ය­යන්හි දේශ­පා­ලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවා­ද­ව­ලට සහ­භාගී වෙමින් ශ්‍රී ලාංකේය සමා­ජය දැනු­මෙන් පෝෂ­ණය කිරී­මට මහත් වෙහෙ­සක් දැරු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT