Monday, April 21, 2025
Home » මෙල්බර්න් ටෙස්ට් තරගයේදී වසර 87ක් පැරණි වාර්තාවක් බිඳවැටෙයි
දින 5කදී වැඩිම ප්‍රේක්ෂක පිරිසක්

මෙල්බර්න් ටෙස්ට් තරගයේදී වසර 87ක් පැරණි වාර්තාවක් බිඳවැටෙයි

by sachintha
December 31, 2024 1:23 am 0 comment

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ බොක්සිං දින ටෙස්ට් තරගය නැරැඹීම සඳහා 350,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගිවීම හේතුවෙන් වසර 87ක් පැරණි ටෙස්ට් තරගයකදී වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ වාර්තාව බිඳ වැටෙයි.

සාම්ප්‍රදායිකව නත්තල් දිනට පසු දින ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු දින තුනේ සෑම දිනකම 80,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වී ඇති අතර, 5 වන දිනය වෙද්දී සම්පූර්ණ එකතුව 351,104ක වාර්තාගත පිරිසක් වී ඇත.

මෙයට පෙර 1937 ජනවාරි මාසයේ පැවති එංගලන්ත – ඔස්ට්‍රේලියා අළු බඳුන තරගාවලියේදී මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් ටෙස්ට් තරගයකට සහභාගි වූ වැඩිම ප්‍රේක්ෂක පිරිස දින හයක් තුළදී 350,534ක් ලෙස සටහන් විය. එම ඓතිහාසික සිදුවීම වාර්තා වූයේ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කෙරෙහි ඇතිව තිබූ අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණය හේතුවෙනි. මේ ටෙස්ට් තරගය නැරඹීමට සැලකිය යුතු ඉන්දීය රසිකයන් පිරිසක් පැමිණ සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් දිනකදී ප්‍රේක්ෂකයන් 90000කට අසුන් ගැනීමේ පහසුකම් නිර්මාණය කොට ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT