Home » ශ්‍රී ලංකා CERT ආයතනයේ නව සභාපති තිලක් පතිරගේ

ශ්‍රී ලංකා CERT ආයතනයේ නව සභාපති තිලක් පතිරගේ

by chanaka
December 31, 2024 4:29 pm 0 comment

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශය මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා CERT ආයතනය සදහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇත.

සාමාජිකයින් දස දෙනෙකුගෙන් යුත් නව අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා රැස්වූ අතර එහි සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ සයිබර් ආරක්ෂණ වෘත්තිකයෙකු වන තිලක් පතිරගේ මහතා තේරී පත් විය.

තිලක් පතිරගේ මහතා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බැංකු සහ මූල්‍ය සේවා අංශය තුළ තොරතුරු තාක්ෂණ පාලනය, තොරතුරු ආරක්‍ෂාව සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රකට වෘත්තිකයෙකි. තොරතුරු සහ සයිබර් ආරක්ෂණ අවදානම් කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහුට පුළුල් විශේෂඥ දැනුමක් ඇත.

ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ විගණන අංශයේ වෘත්තීකයකු ලෙස සිය වෘත්තීය ජිවිතය ආරම්භ කල ඔහු පසුව සෙලාන් බැංකුවේ සහකාර මහ කළමනාකරු ලෙස තොරතුරු පද්ධති විගණනය, තොරතුරු සහ සයිබර් ආරක්‍ෂාව සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේය. එහිදී ඔහු බැංකුවේ සයිබර් ආරක්ෂණ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ ව්‍යාපාරික අරමුණු සමඟ තොරතුරු තාක්ෂණ භාවිතයන් පෙළගැස්වීමෙහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.

ඔහු PIM වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් B’com විශේෂ උපාධිය ද ලබා තිබේ.ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (FIB)සාමාජිකයෙකි. එසේම පතිරගේ මහතා තොරතුරු තාක්ෂණ කර්මාන්තයටඅදාළ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ පාලනය සහ සයිබර් ආරක්ෂණ වෘත්තීය සහතික ද(ISC2සහISACA) ලබා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT