Home » හපුතලේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

හපුතලේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

by chanaka
December 31, 2024 9:47 pm 0 comment

හපුතලේ 48 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.

‍අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත.

හපුතලේ සහ දියතලාව රෝහලවලට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

හපුතලේ සිට බෙරගල ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුව ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේය.

පොලිසිය සඳහන් කළේ, එහිදී රියදුරු විසින් වෑන් රථය මාර්ගය ආසන්නයේ පස් කන්දේ ගැටීමට සලස්වා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT