Monday, April 21, 2025
Home » මේ වන විටත් ලෝකයේ ඇතැම් රටවලට 2025 අලුත් අවුරුද්ද උදාවෙලා

මේ වන විටත් ලෝකයේ ඇතැම් රටවලට 2025 අලුත් අවුරුද්ද උදාවෙලා

by chanaka
December 31, 2024 4:55 pm 0 comment

ලෝකයේ නැගෙනහිර අර්ධයේ ඇති රටවලට කලින් නව වසර උදා වුණත් බටහිර අර්ධයේ ඇති රටවලට නව වසාර් උදා වෙන්න කාලයක් ගත වේ.

කිරිබතී දිවයින පළමුවෙන් 2025 නව වසර මුළින්ම පිළිගන්නා රට වබට පත් විය.

කිරිබතී යනු මධ්‍යම පැසිෆික් සාගරයේ දූපත් රටකි. එහි විශාලතම දූපත වන කිරිටිමතී දූපත , දෙසැම්බර් 31 වන දින එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ පෙ.ව. 5 ට නව වසර උදාව සමරයි.

නවසීලන්තයේ චැතැම් දූපත් පෙ.ව. 5:15 ට නව වසරේ උදාව සමරන අතර, පසුව නවසීලන්තයේ බොහෝ ප්‍රදේශ, ටොකෙලාවු, සැමෝවා, ටොංගා, කිරිබතී හි ෆීනික්ස් දූපත් සහ ඇන්ටාක්ටිකාවේ සමහර ප්‍රදේශ සමඟ පෙ.ව. 6 ට පමණ නව වසර සමරනු ලැබේ.

මේ අතර, ජාත්‍යන්තර දින රේඛාවේ අනෙක් පැත්තේ, හවායි, අමෙරිකානු සැමෝවා සහ එක්සත් ජනපදයේ පිටත දූපත් බොහොමයකට නව වසර පිළිගැනීමට බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවනු ඇත.

එමෙන්ම නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය, ලන්ඩනයේ බිග් බෙන් කුළුන ආදිය නව වසර පිළිගන්නා විශේෂ සංකේත බවට පත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT