Home » 2024 TAGS සම්මාන උලෙළේදී තෙවැනි වරටත් සමස්ත විශිෂ්ටත්වයේ සම්මානය හේලීස් හිමි කර ගනී

2024 TAGS සම්මාන උලෙළේදී තෙවැනි වරටත් සමස්ත විශිෂ්ටත්වයේ සම්මානය හේලීස් හිමි කර ගනී

by sachintha
December 31, 2024 1:07 am 0 comment

හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උලෙළේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි.

මෙරට මූල්‍ය හා තිරසර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින් 2022 වසරේ TAGS සම්මාන උලෙළ ආරම්භයේ සිටම එම සම්මාන උලෙළේ ඉහළම ගෞරවය දිනා ගැනීමට හේලීස් සමත් විය. ගතවූ මූල්‍ය වර්ෂය තුළදී ආයතනික වාර්තාකරණයේ විශ්වසනීයත්වය, විනිවිදභාවය මෙන්ම අදාළත්වය වෙනුවෙන් සිය කැපවීම මනාව ප්‍රදර්ශනය කළ හේලීස් සමූහය මෙම උලෙළේදී සම්මාන 20ක් තමන් සතු කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් හේලීස් සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සඳහන් කර සිටියේ “ ආයතනික විනිවිදභාවය, වගවීම, පාලනය හා තිරසරභාවය යන ප්‍රමුඛ සාධක වෙනුවෙන් ඉටු කරන කැපවීම පෙන්නුම් කරමින් නැවතත් මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට හේලීස් සමත්වීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත් වෙනවා. අපගේ ව්‍යාපාරය පරිපාලනය කිරීමේදී ඉහත දැක්වූ ආයතනික මූලධර්මවලට අනුව කටයුතු කරන අතර එය අපගේ වාර්ෂික වාර්තාවන්හි විශිෂ්ටත්වය තුළින් මනාව පිළිබිඹු වනවා” යනුවෙනි.

මෙම සම්මාන උලෙළේ ඉහළම සම්මානය දිනා ගැනීමට අමතරව තිරසරත්ව වාර්තාකරණය (Sustainability Reporting), ඒකාබද්ධ වාර්තාකරණය (Integrated Reporting), ආයතනික පරිපාලන වාර්තාකරණය – මූල්‍ය නොවන සේවා (Corporate Governance disclosures – Non financial services) සහ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර (රුපියල් බිලියන 100ට වැඩි ආදායමක් සහිත) යන අංශ සඳහා වන රන් සම්මානවලින් පිදුම් ලැබීමට හේලීස් PLC සමත් විය. එසේම හේලීස් සමූහයට අයත් ඇලුමෙක්ස් PLC, හේකාබ් PLC, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්, හොරණ ප්ලාන්ටේෂන් PLC සහ කැලණිවැලි ප්ලාන්ටේෂන් PLC මෙන්ම සිංගර් (ශ්‍රී ලංකා) PLC හා සිංගර් ෆිනෑන්ස් (ලංකා) PLC යන සමාගම් මෙහිදී රන් සම්මාන 13ක් දිනා ගැනීමට සමත් විය.

ඇල්මැති පාර්ශවකරුවන්ගේ තොරතුරු අවශ්‍යතාවන්හි සංකීර්ණත්වය ඉහළ යාම හා ආයතනික වාර්තාකරණයේ මෑත කාලීනව සිදුවූ සුවිශේෂී වෙනස්කම් සමඟින් සිය වාර්තාකරණයේදී විද්‍යුත් ප්‍රවේශයන් භාවිතය ඉහළ නැංවීමට හේලීස් කටයුතු කර ඇත. එසේම වාර්තාකරණ ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම, විශ්වසනීයත්වය තහවුරු කොට ශක්තිමත් කිරීම කෙරෙහිද හේලීස් වැඩි අවධානයක් යොමු කොට ඇත. තිරසාර වාර්තාකරණයේ නවතම ගෝලීය ප්‍රවණතාවන් වන SLFRS S1 සහ S2 යන වාර්තාකරණ ප්‍රමිතීන් වෙත පූර්ව අනුගත වීමට හේලීස් සමත් විය.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේලීස් ව්‍යාපාරික ක්ෂේත්‍ර 16කට අධික සංඛ්‍යාවක් තුළින් ලොව පුරා රටවල් 80කට පමණ සිය සේවාවන් සපයනු ලබයි. එහිදී හේලීස් හි ගෝලීය මෙහෙයුම් කලාප 5ක රටවල් 18ක් පුරා විහිදී ඇත. Fitch ශ්‍රේණිගත කිරීම්හි ‘AAA (lka)’ ණය ශ්‍රේණිගත කිරීමක් හිමි කරගෙන ඇති සමාගම LMD 100 හි 2024 වසරේ මෙරට අංක 1 ආයතනය ලෙසද නැවත වරක් පිළිගැනීමට ලක්ව ඇත. එසේම තිරසාර නව්‍යකරණයේ විශිෂ්ටයකු වන හේලීස් සමූහය මෙරට ව්‍යාපාරික සාර්ථකත්වයේ ප්‍රබල සංධිස්ථානයක් සනිටුහන් කළ පුරෝගාමී සමාගමකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT