Monday, April 21, 2025
Home » Sun Siyam Pasikudah හෝටලය, Travelife Gold සහතිකය දිනා ගනියි

Sun Siyam Pasikudah හෝටලය, Travelife Gold සහතිකය දිනා ගනියි

by sachintha
December 31, 2024 1:02 am 0 comment

දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැඟෙහිර වෙරළතීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනා ගැනීමට සමත් විය. මෙය හෝටලයේ පරිසර හිතකාමීබව සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife සංවිධානය මගින් පිරිනමනු ලැබිණි.

Travelife යනු තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත්කරන සංචාරක ගමනාන්ත, ව්‍යාපාර සහ සංචාරකයින් වෙනුවෙන් සහාය දක්වන ස්වේච්ඡා සංවිධානයකි. Travelife Gold සහතිකය දිනා ගැනීම සඳහා සංචාරක හෝටල් නිකේතනයක් විසින් තිරසර නිර්ණායක 163ක් ළඟාකරගත යුතුය. අපද්‍රව්‍ය සහ බලශක්ති භාවිතය අවම කිරීම, සමාජ ගැටලුවලට විසඳුම් සැපයීම, සේවක සුබසාධනය, වනජීවී ආරක්ෂණය, දේශීය ප්‍රජාව සහ දේශීය ව්‍යාපාර සවිබලගැන්වීම ආදිය එම නිර්ණායක අතර වේ. මෙම සහතිකය දිනා ගැනීම තුළින් Sun Siyam Pasikudah හෝටලය, සංචාරකයින්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සලසන අතරතුර, පරිසරය සහ සමාජය වෙත ද ධනාත්මක බලපෑමක් කිරීමට තම දායකත්වය ප්‍රකට කරයි.

පරිසර හිතකාමී භාවිතාවන්, ප්‍රජා සහභාගීත්වය සහ සංස්කෘතික උරුමය තුළින් සංචාරකයින් වෙත අසමසම අත්දැකීමක් ලබාදෙන අප හෝටලයට Travelife Gold සහතිකය හිමිවීම ඉතාම වැදගත් ජයග්‍රහණයක්, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා ප්‍රකාශ කළේය.

මෙය තිරසර සංචරණයට, දේශීය ප්‍රජාව සවිබලගැන්වීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට අප සතු කැපවීම තවත් වර්ධනය කරනවා. මේ සමඟ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි අප හෝටල් සමූහය සතු සියලු හෝටල් වෙත Travelife සහතිකකරණය හිමිවීමත් අප ලද විශාල ජයග්‍රහණයක්, යනුවෙන් Sun Siyam Resorts තිරසර ව්‍යාපෘති කළමනාකරු චමින්ද උපුල් කුමාර මහතා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT