Sunday, April 20, 2025
Home » බිංගිරියේදී මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ් කෙරේ

බිංගිරියේදී මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ් කෙරේ

by yasara
December 31, 2024 5:57 pm 0 comment

බිංගිරිය කම්හල් පරිශ්‍රයක් තුළ ඊයේ (30) දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනා හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ජනාවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමටය.

එම දිනයේ දී සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT