Home » උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන දැනුම්දීමක්

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන දැනුම්දීමක්

by chanaka
December 31, 2024 4:31 pm 0 comment

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ, අද (31) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

“දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සිදුවෙන අතරතුර අදියර කිහිපයකින් ඇගයීම් කටයුතු සිදුකරන්න පියවර ගෙන තිබෙනවා…

උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක විතර කාලයක් ගමවෙනවා. ඒක තවදුරටත් අඩුකරගන්න කටයුතු කරනවා…

අප්‍රේල් මාසය වනවිට ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා…”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT