Monday, April 21, 2025
Home » රාජ්‍ය සේවක කප්පාදුවක් නැහැ – ඇමති නලින්ද කියයි

රාජ්‍ය සේවක කප්පාදුවක් නැහැ – ඇමති නලින්ද කියයි

by yasara
December 31, 2024 3:32 pm 0 comment

රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් කළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා. සමහරු බැංකු ණය අරන් ඇති.නමුත් රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ රාජ්‍ය සේවකයන් ඉවත් කරනවා කියන එක නෙමෙයි” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT