Home » ඇල්පිටිය මංගල අයවැය විවාදයකින් තොරව සම්මතයි

ඇල්පිටිය මංගල අයවැය විවාදයකින් තොරව සම්මතයි

by chanaka
December 30, 2024 2:41 pm 0 comment

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2025 වර්ෂය සඳහා සභාපති සනත් සුමනසිරි මහතා විසින් ඉදිරිපත්කළ මංගල අයවැය අද (30) කිසිදු විවාදයකින් තොරව ඒකච්ඡන්දයෙන් සභා සම්මත විය.

ජාතික ජනබලවේගයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අයවැය ලේඛණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලීන් ප්‍රියදර්ශන මහතාගේ යෝජනාවෙන් හා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් අල්විස් මහතාගේ ස්ථිරත්වයෙන් සභා සම්මතවීම විශේෂත්වයකි.

සභාපති සනත් සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සභා රැස්වීම පැවැත්විණි.

ජාතික ජනබලවේගයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනෙක් සහ අනෙක් පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රිවරු 11 සමග මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් 26 දෙනෙකු මෙම විශේෂ සභා රැස්වීම සඳහා සහභාගීවූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT