Home » හොර පාරෙන් පාස්පෝට් අරන් දෙන්න හැදූ PCගේ වැඩ තහනම්

හොර පාරෙන් පාස්පෝට් අරන් දෙන්න හැදූ PCගේ වැඩ තහනම්

by sachintha
December 30, 2024 12:42 am 0 comment

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතකු බවට සාවද්‍ය ලෙස පවසා හොර පාරෙන් ගමන් බලපත්‍රයක් අරන් දීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත සුහුරුපාය පොලිස් මුරපොළේ රාජකාරියේ යොදවා සිටි කොස්තාපල්වරයෙකි.

ඉකුත් 19 වැනි දින කොස්තාපල්වරයා සුහුරුපාය පොලිස් මුර පොළේ රාජකාරියේ යොදවා සිටියදී එම ස්ථානයෙන් බැහැරව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බළන්ගොඩ සිට පැමිණි පුද්ගලයකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාවන් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත ගොස් එම පුද්ගලයා තමාගේ ඥාතියකු බව පවසා ඇත. ඒ තුළින් ඔහු උත්සාහ දරා ඇත්තේ එම පුද්ගලයාට නිසි ක්‍රමවේදයෙන් පිට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාවක් ලබාගැනීමටය.

මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පෙරේදා (28) මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර මහතාය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT