Home » අට වසරේ සිසුවිය “බ්ලැක්මේල්” කළැයි නාගොඩ සිසුන් දෙදෙනා අත්අඩංගුවට

අට වසරේ සිසුවිය “බ්ලැක්මේල්” කළැයි නාගොඩ සිසුන් දෙදෙනා අත්අඩංගුවට

-අසභ්‍ය වීඩියෝපට අන්තර්ජාලයට දානවැයි තර්ජනය කරලා

by sachintha
December 30, 2024 12:41 am 0 comment

අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර් ජාලට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල නාගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ ප්‍ර‍සිද්ධ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

පොලිසිය කරන ලද පරික්ෂණ අනුව මෙම දෙදෙනාගෙන් පළමු සැකකාර සිසුවා එම පාසලේම 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියක් සමඟ මෙයට මාස හතරකට පමණ පෙර සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

දෙදෙනා වීඩියෝ ඇමතුම් මගින් කතා කරන අතර දිනක් සැකකරු ඇයගේ පපු ප්‍රදේශය පෙන්වන ලෙස ඉල්ලා ඇත. එම අවස්ථාවේ ඇය තම උඩුකය නිරුවත් කර ඔහුට පෙන්වා ඇති අතර සැකකරු එම දර්ශන වීඩියෝ ගත කරගෙන ඇතැයි කියැවේ.

පසුව සැකකරු එම දර්ශන ඇයට පෙන්වමින් විවිධ අවස්ථාවල වෙනත් ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කර තිබේ. නැතිනම් ඇය හමුවීමට නිවෙසට එන බවටත් තර්ජනය කර පවසා ඇත. මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් අනුව නාගොඩ පොලිසිය විසින් සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර සිසුන් දෙදෙනා ඊයේ (29) බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT