Monday, April 21, 2025
Home » අපරාධ නඩු කඩිනමින් විසඳන්න විශේෂ පොලිස් ඒකකයක්

අපරාධ නඩු කඩිනමින් විසඳන්න විශේෂ පොලිස් ඒකකයක්

by sachintha
December 30, 2024 12:40 am 0 comment

පාතාල අපරාධ ඇතුළු සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පවත්වා සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් ලබාදීම ශක්තිමත් කිරීමට “මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය” නමින් විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගනිමින් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන් ශක්තිමක් පොලිස් අංශයක් ලෙස “මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය” ස්ථාපිත කෙ‍ෙරන බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ‘දිනමිණ’ට සඳහන් කළේය.

දැනට කිසිදු මෙහෙයුම් බලයක් නොමැතිව පොලිස් මූලස්ථානයට අනුයුක්තව ඇති “අපරාධ කොට්ඨාසය” මෙසේ “මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය” ලෙස පරිවර්තනය කෙ‍ෙරන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණයෙන් මෙම කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති ආකාරයට අනුව “මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය” තුළ විශේෂ විමර්ශන අංශ රැසක්ම ස්ථාපිත කෙ‍ෙරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති පහසුකම්වලට සමාන ආකාරයෙන් විමර්ශන කටයුතු සඳහා බලය හා පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවත් වැඩ බලන පොලිස්පතිවරයා කීය.

මේ දිනවල සිදුවන අපරාධ පිටුපස සිටින පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් වැඩි කල් යන්නට මත්තෙන් ඒ සියල්ල පාලනය වනු ඇති බවත් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT