78
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව ඇප මත නිදහස් කර තිබේ.
ඒ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
ඔහුව රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත නිදහස් කර තිබේ.
රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් නෙවිල් සිල්වා මහතාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.