Home » පැයට කිලෝමීටර් 400ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක්

පැයට කිලෝමීටර් 400ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක්

by chanaka
December 30, 2024 11:54 am 0 comment

පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ධාවනය වන නවතම චීන CR450 බුලට් දුම්රියේ මූලාකෘතියක් බීජිංහිදී එළිදක්වා තිබේ.

CR450 දුම්රිය පරීක්ෂණ වලදී පැයට කිලෝමීටර 450 ක වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ඇති අතර, මෙම නව දුම්රිය තාක්ෂණයේ චීනයේ අති නවීන දියුණුව ඉස්මතු කරන බව චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම පවසයි.

දැනට සේවයේ යෙදී සිටින CR400 Fuxing අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ක්‍රියාත්මක වන අතර නව මාදිලිය පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ක්‍රියාත්මකවනු ඇත.

මෙම චීන දුම්රිය මූලාකෘතිය සඳහා රේඛීය පරීක්ෂණ මාලාවක් සංවිධානය කර ඇති අතර, ඉතා ඉක්මනින් මෙය භාවිතයට එක් කිරීමට අදහස් කරන බව චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම සඳහන් කරයි.

එමගින් ගමනාන්ත සඳහා ගත වන කාලය අඩු කර මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT