අසර්බයිජාන් දේශයේ සිට පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් රුසියානු ගුවන් සීමාවේදී අනතුරට ලක්වීම සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අසර්බයිජාන් ජනාධිපතිවරයා වෙත සිය කනගාටුව ප්‍රකාශ කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය. මොස්කව් නුවර ටාස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ ගුවන් අනතුරින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් පුටින් සිය ශෝකය පළ කළ බවය. කෙසේ වෙතත් නත්තල් දිනයේ සිදුවූ එම ගුවන් අනතුරට හේතුව යුක්රේන ඩ්‍රෝන මැඬ පැවැත්වීමට රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීම බවට රුසියානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශයක් නිකුත් කළ බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
එහෙත් අසර්බයිජාන් ජනාධිපතිවරයාට සිය ශෝකය පළ කිරීමේදී එම අනතුරට රුසියාව වගකිව යුතු බවට කිසිදු සඳහනක් පුටින් විසින් සිදු කර නැති බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
අසර්බයිජාන් රාජ්‍යයේ බාකු අගනුවර සිට රුසියාවේ ග්‍රොස්නි නුවර බලා පියාසර කළ මගීන් 62 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු රැගත් එම ගුවන් යානය කසක්ස්තානයේ අක්ටෝ නුවර ආසන්නයේ කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.