Home » අගමැති හරිනි, මන්මෝහන් සිං වෙනුවෙන් සොව පළ කරයි

අගමැති හරිනි, මන්මෝහන් සිං වෙනුවෙන් සොව පළ කරයි

by chanaka
December 30, 2024 3:36 pm 0 comment

අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ගෞරවය ප්‍රකාශ කිරීම අද (30) කොළඹ 03, ගාලු පාරේ, පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු කළාය.

ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස , 2024 දෙසැම්බර් 26 සිට 2025 ජනවාරි 1 දක්වා පුරා දින හතක් ඉන්දියාව රජයේ ශෝක කාලය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද(30) සිට 2025 ජනවාරි 01 දක්වා ශෝක පොත විවෘතව තබනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT