Monday, April 21, 2025
Home » යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගෙවීම ගැන දැනුම්දීමක්

යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගෙවීම ගැන දැනුම්දීමක්

by chanaka
December 30, 2024 2:38 pm 0 comment

ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු හේතුවෙන් 2024 යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා සියලු වන්දි ජනවාරි 05 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් දක්වා විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වූ අතර නියඟ, ගංවතුර සහ වල් අලි හානි ඊට මූලික වී ඇතැයි හඳුනා ගෙන ඇත.

මේ වන විට ගොවීන් 80% කට ආසන්නප්‍රමාණයකට රුපියල් මිලියන 80 කට ආසන්න වගා හානි වන්දි මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇතැයි ද ඉතිරි ගොවීන් සියලු දෙනාටම ජනවාරි 05 දින වන විටදී අදාල වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයිද කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.

එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද 2024/ 2025 මහ කන්නයට අදාල වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා තිබෙන්නේ යැයිද ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT