Home » ජිමී කාටර්ගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

ජිමී කාටර්ගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

by chanaka
December 30, 2024 12:04 pm 0 comment

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

ජනාධිපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් ජිමී කාටර්ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට ශෝකය පළ කර ඇත.

සාමය, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු සඳහා වූ නොසැලෙන කැපවීම මගින් ඔහුගේ අසාමාන්‍ය ජීවිතය නිර්වචනය කරන ලද රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති දිසානායක සිය පණිවිඩයෙන් කාටර් හඳුන්වා දී තිබේ.

2002 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ජිමී කාටර් ගෝලීය සාමය ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වූ බව ජනාධිපති දිසානායක වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT