Wednesday, April 23, 2025
Home » මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට ජනපතිගේ අවධානය

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට ජනපතිගේ අවධානය

by chanaka
December 30, 2024 11:20 am 0 comment

විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ.

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර ඇත.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහසක් දක්වා ඉහළ නැංවීම සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට මාස කිහිපයකට පෙර යෝජනා කර තිබුණි. එහෙත් ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතියක් හිමිව තිබුණේ නැත.

මේ වන විට රුපියල් පන්දහසක් වන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් හත්දහස් පන්සියය දක්වා ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇත. දැනට මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සදහා වාර්ශිකව රුපියල් කෝටි තුන්සියකක් පමණ වැය වන අතර ශිෂ්‍යාධාරය රුපියල් හත්දහස් පන්සියය දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි දෙසීයක පමණ මුදලක් වෙන් කිරීමට සිදුව තිබේ.

මේ වන විට වසරක පමණ කාලයක් අධ්‍යයන කටයුතු කරන පළමු වසර සිසුන්ගේ මහපොළ දීමනා ගෙවීමට අදාළ ලේඛන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මහපොළ භාරකාර අරමුදලට යවා තිබෙන නමුත් මෙතෙක් ගෙවීම් ආරම්භ කර නැත. දීමනා ලබා ගැනීමට සුදුසුකම් ඇති සිසුන්ගේ නාමලේඛන ඇතැම් විශ්වවිද්‍යාලවලට මේ වන විට ලැබී තිබේ.

මහපොළ දීමනා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් වසරකට සිසුහු දහසය දහසක් පමණ සුදුසුකම් ලබති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT