Sunday, April 20, 2025
Home » පුංචි ඡන්දයට අපරාධකරුවන් ගේන්න එපා – පක්ෂ නායකයින්ට දන්වයි

පුංචි ඡන්දයට අපරාධකරුවන් ගේන්න එපා – පක්ෂ නායකයින්ට දන්වයි

by chanaka
December 29, 2024 9:07 am 0 comment

පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුව ඇත.

පළාත් පාලන ආයතන වලට මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන ඇතැමුන් විවිධ අපරාධවලට සහ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොමැතිවීම නිසා රටේ දේශපාලනය ජරාජීර්ණ වීමට හේතු වූ බවද එම සංවිධාන සදහන් කරයි.

එනිසා දේශපාලනයට ඇතුළත් කර ගැනීමට පෙර එම පුද්ගලයන්ගේ අධ්‍යාපනය, කල්ක්‍රියාව සහ අපරාධකරුවන්ද යන්න පක්ෂ විසින් සොයා බලා කටයුතු කළ යුතු බවද එම සංවිධාන තවදුරටත් සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT