Home » යුධ සමයේ අත් හැර දැමු යාපනය ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර

යුධ සමයේ අත් හැර දැමු යාපනය ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර

by chanaka
December 29, 2024 1:28 pm 0 comment

යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා පවසයි.

ඒ මහතා සභාපති ධුරයේ ඊයේ (28) වැඩ භාරගත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළේය.

ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවද ඔහු පැවසීය.

තවද යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම වසරේදී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩු වී ඇතැයි ද පැවසු සභාපතිවරයා මීට හේතුවී ඇත්තේ 2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායයන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගත් හේතුවෙන් බවද පෙන්වා දුන්නේය. එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT