විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදය වන්දනාවේ පැමිණි 25 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් නිසා දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පැවසීය.
දුම්රියෙන් සහ හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට හැටන් කොට්ඨාශ නිල සුනඛ අංශයේ සුනඛයන්ගේද සහය ඇතිව මාර්ග බාධක යොදා සොදිසි මෙහෙයුම් සිදුකරමින් තිබේ.
සොදිසි මෙහෙයුම්වලදි ගංජා, මදනමෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තෙක් මෙම සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පැවසේ.