Monday, April 21, 2025
Home » ලොරි රථයකට යටවී කුඩා දැරියක් මරුට

ලොරි රථයකට යටවී කුඩා දැරියක් මරුට

by chanaka
December 29, 2024 9:45 am 0 comment

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදීය.

මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT