Monday, April 21, 2025
Home » ප්‍රදේශ කිහිපයකින් ත්‍රිරෝද රථ සොරකම් කළ 05ක් මාට්ටු

ප්‍රදේශ කිහිපයකින් ත්‍රිරෝද රථ සොරකම් කළ 05ක් මාට්ටු

by chanaka
December 29, 2024 9:09 am 0 comment

ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38, 51 හා 54 වයස්වල පසුවන සීදූව, ඔරුගොඩවත්ත, කොළඹ 10 හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

පසුගිය 27 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ස්ටේස් පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරු මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ඇත.

අදාළ සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එම සැකකරු විසින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථ 09ක් සොයාගෙන තිබේ.

සොරාගත් ත්‍රිරෝද රථ ළඟ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (28) සීදූව, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් හා වැල්ලම්පිටිය යන පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන කොටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

එම ත්‍රිරෝද රථ කොටුව, කිරිබත්ගොඩ, වත්තල හා බොරැල්ල පොලිස් වසම්වලදී සොරාගෙන ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT