Monday, April 21, 2025
Home » අසර්බයිජාන ගුවන් යානයට මිසයිල ගැසූ බව පුටින් පිළිගනියි – පුටින් සමාවත් ඉල්ලයි

අසර්බයිජාන ගුවන් යානයට මිසයිල ගැසූ බව පුටින් පිළිගනියි – පුටින් සමාවත් ඉල්ලයි

by chanaka
December 29, 2024 9:40 am 0 comment

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25වැනි දා කඩා වැටුනු අතර මුලින් එක පක්ෂීන් රංචුවක ගැටීමක් හේතුවෙන් සිදුවූවක් ලෙස පැවසුනත් පසුව එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අනාවරණය වේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි එම වාර්තාවල දැක්වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ රුසියානු හමුදාව විසින් එම යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බවයි.

කෙසේවෙතත් රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයකට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතට ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වේ.

අමෙරිකාවේ බුද්ධි අංශය විසින් අසර්බයිජාන මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බව ප්‍රථමයෙන්ම අනාවරණය කළ අතර එම ප්‍රහාරය එල්ලවී තිබුනේ, අසර්බයිජාන බාකු අගනුවර සිට දකුණු දිග චෙව්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබූ ගුවන් යානයකටය.

කඩා වැටුනු යානයේ කාර්ය මණ්ඩලය සමග 67 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ප්‍රහාරයෙන් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 29 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් විය.

අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාමි අලියෙව් පසුගියදා ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT