Monday, April 21, 2025
Home » UPDATE: දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ ගණන 120ක් වෙයි – ගුවන් සමාගම සමාව අයදියි

UPDATE: දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ ගණන 120ක් වෙයි – ගුවන් සමාගම සමාව අයදියි

by chanaka
December 29, 2024 11:45 am 0 comment

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේ දී ගුවන් යානය ගොඩබෑමට යාමේ දී සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජෙජු එයාර් ගුවන් සේවයට අයත් යානයක් හදිසි ගොඩබෑමකට යාමේ දී ධාවන පථයෙන් ඉවතට ධාවනය වී තාප්පයක ගැටී මෙම දරුණු අනතුර සිදුව තිබුණි. යානය තාප්පයේ ගැටීමෙන් අනතුරුව පිපිරී ගොස් ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය .

අනතුර‌ට ලක් වූ Boeing 737-800 ගුවන් යානය ජෙජු එයාර් ගුවන් සමාගමට අයත් එකක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි මගීන් ගණන 181 දෙනෙකි.

මේ අතර අනතුරට ලක්වූ යානය හිමි ජෙජු එයාර් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අනතුරින් විපතට පත් වූවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. කෙටි මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙසසිය කණගාටුව පළකරමින් සමව ඇයද සිට ඇති අතර, ගුවන් අනතුරින් විපතට පත් වූවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහයෝගය දැක්වීම ප්‍රමුඛතාවය බව ඔහු පවසා ඇත.

එසේම අනතුරත් සමඟ මුආන් ගුවන් තොටුපොළේ සියලුම ගුවන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව අවලංගු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT