Tuesday, April 8, 2025
Home » ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ 4ක් බ්‍රසීලයේදී පොලිස් අත්අඩංගුවට
පිට්ටනියේදී ජාතිවාදී ප්‍රකාශ බෑ

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ 4ක් බ්‍රසීලයේදී පොලිස් අත්අඩංගුවට

by mahesh
December 27, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩාවේදී ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ සිවු දෙනෙකු බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමට නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් සාඕ පාවුළු මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩිකාවන් බ්‍රසීලයෙන් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන් රඳවා තබා ගැනීමට අධිකරණ නිලධාරීන් තීරණය කළ බවය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැන්ඩෙලා, කැමිලා, ජුවානා හා මිලාග්‍රෝස් යන ක්‍රීඩිකාවන් වේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක, ආර්ජන්ටිනාවේ කාන්තා පාපන්දු ක්‍රීඩිකාවක් වන කැන්ඩෙලා ඩයස් යමෙකු වෙත වඳුරකුගේ ඉරියව් ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණි. එම ක්‍රීඩිකාවන් නියෝජනය කරන ආර්ජන්ටිනාවේ රිවර් ප්ලේට් සමාජ එය ජාතිවාදී අභිනයක් බවට, හෙළා දකිමින් විනය පියවර ප්‍රකාශයට පත් කළේය. එවැනි හැසිරීම් තුරන් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව ද, එම ප්‍රකාශයේ සඳහන් වේ. නිවේදනයක් නිකුත් කරමින් බ්‍රසීලයේ ග්‍රෙමියෝ ක්‍රීඩා සමාජය කියා සිටියේ තම ක්‍රීඩකයන් ද වාර්ගික අපයෝජනයට ලක් වූ බවයි.

බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර පැවති ලේඩීස් කප් සුහද පාපන්දු තරගාවලියේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති අතර, රිවර් ප්ලේට් – ග්‍රෙමියෝ තරගයෙන් පසු, ක්‍රීඩිකාවන් හතර දෙනාට වර්ගවාදයේ චෝදනා එල්ල විය. තරගය ගෝල් 1-1ක් ලෙස සම‍වෙද්දී ජාතිවාදී චෝදනා එල්ල වීම හේතුවෙන් තරග විනිසුරු, ග්‍රේමියෝ පිල ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT