Home » කොන්ස්ටාස්ගේ උරහිසේ හැප්පුණ කෝලිට අයිසීසියෙන් දඩ

කොන්ස්ටාස්ගේ උරහිසේ හැප්පුණ කෝලිට අයිසීසියෙන් දඩ

by mahesh
December 27, 2024 1:00 am 0 comment

සෑම් කොන්ස්ටාස්

මෙල්බෝන්හිදී ඊයේ ආරම්භ වූ බොක්සිං ඩේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වූ අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ යොවුන් ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් උරහිසෙන් තල්ලු කිරීමේ වරදට අයිසීසිය කෝලිගේ තරග ගාස්තුවෙන් සියයට 20ක් හා අසාධු ලකුණක් එක් කළේය.

බුම්රාගේ පන්දු දෙකකදී හයේ 2ක් සමඟ ලකුණු 60ක් රැස් කළ කොන්ස්ටාස් මංගල ටෙස්ට් තරගයේදී ලකුණු පනහක් රැස් කළ 15 වැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්වූ අතර, මයිකල් ක්ලාක් සහ ඩැරන් ලීමන් වැනි ඔස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩකයින් ද මෙම ලැයිස්තුවේ සිටී.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 311 (ඕවර් 86)

සෑම් කොන්ස්ටාස් 60, උස්මාන් කවාජා 57, මානස් ලබුචේන් 72, ස්ටීවන් ස්මිත් නොදැවී 68, ඇලෙක්ස් කෙරී 31, අතිරේක 11 (බුම්රා 75/3, අකාෂ් ඩීප් 59/1, රවින්ද්‍ර ජඩේජා 54/1, වොෂින්ටන් සුන්දර් 37/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT