අන්තර් පාසල් වයස 14න් පහළ හොකී සැණකෙළියේදී මාතලේ හින්දු ජාතික පාසල ගෝල 20ක් ලබාගනිමින් රන්තරු කුසලානය හිමිකර ගත්තේය.
මේ හොකී සැණකෙළිය මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. පාසල් හොකී කණ්ඩායම් 60ක් මේ සැණකෙළියට සහභාගි විය. මාතලේ හින්දු ජාතික පාසල සහ කොළඹ ඉසිපතන විදුහල අතර පැවති එහි අවසන් මහා තරගය දෙපිලම ගෝල 1 බැගින් ලබා සම තත්ත්වයට පත්විය.
මාතලේ හින්දු විද්‍යාල කණ්ඩායම තරගාවලිය පුරා ගිරාඳුරුකෝට්ටේ පාසල් කණ්ඩායමට එරෙහිව ගෝල් 4ක්, කෑගලු පාසල් කණ්ඩායමට එරෙහිව ගෝල් 7ක්, මහනුවර, පාතදුම්බර විදුහලට එරෙහිව ගෝල් 3ක් හා කැකිරාව මධ්‍ය මහා විදුහලට එරෙහිව ගෝල 5ක් ලබා ගනීමට සමත්ව තිබිණි.
තරගාවලියේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්යක්ෂ අතුල ජයවර්ධන මහතා සහභාගි වූ අතර, හින්දු විද්‍යාලයේ හොකී පුහුණුකරු ලෙස ඉන්ද්‍රවංශ හේරත් මහතා එක්ව සිටියේය.