Home » රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

by chanaka
December 27, 2024 3:33 pm 0 comment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දක්වා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කර ඇත.

එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක්ව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙලෙස එක්ව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT