Tuesday, April 22, 2025
Home » ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැයූ නත්තල් කැරොල්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැයූ නත්තල් කැරොල්

by chanaka
December 27, 2024 2:47 pm 0 comment

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීමෙන් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරක්ෂක අමාත්‍යාංශයේ ලේකමි (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්ත මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණි.

අසිරිමත් නත්තල් උදාව සමරමින්‘’ලෝකයට අලෝකයක්’’ යන්න තේමා කරගනිමින් මෙවර ගුවන් හමුදා නත්තල් කැරෝල් ගී ප්‍රසංගය සංවිධානය කර තිබු අතර ගුවන් හමුදා සංගිත කණ්ඩායම හා නර්ථන කාණ්ඩායම සමග එක්ව ගුවන් හමුදා සාමාඡීක සාමාඡිකාවන් හා ඔවුන්ගේ පවුල්වල දුවා දරුවන් විසින් මෙම ප්‍රසංගයේ ගීතිකා ගායනා ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාව සදහා නාවික හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපති තුමියන් ද ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා පුවුල්වල සාමාඡීක සාමාඡිකවන් පිරිසක් ද සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT