ගුණාත්මක ඖෂධ ජනතාවට අඛණ්ඩව ලබාදීමේ වගකීම ආයතන හතරක් සතු වන අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් සහ නීති සංශෝධනයට ආණ්ඩුව සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම ආයතනයන්හි නිලධාරීන් සමඟ පැවැති හමුවකදී ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය. තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) යනාදී ආයතන හතර මෙම වගකීම භාරගත යුතුයි.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව ඉහළම ප්‍රමුඛතාව ලබා දෙනවා.
ආණ්ඩුවක් හෝ ඇමැතිවරයෙක් වෙනස් වන විට වෙනස් නොවන ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සේවවේ ප්‍රවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් අවශ්‍යයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක පරිවර්තනයක් සිදු විය යුතුයි.