Home » ආනයනික සහල් වෙළෙඳ‍පොළට රජයෙන් ඇණවුම් කළ පළමු තොගය දිවයිනට

ආනයනික සහල් වෙළෙඳ‍පොළට රජයෙන් ඇණවුම් කළ පළමු තොගය දිවයිනට

by mahesh
December 27, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

රටේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබාදීමත් සමඟ මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 67000ක් මෙරටට ගෙනැවිත් තිබේ.

මේ තොගය ඉකුත් දෙසැම්බර් 4 වැනිදා සිට 20 වැනිදා තෙක් මෙරටට ගෙන්වා තිබෙන අතර ශ්‍රී ලංකා රේගුව සහල් නිෂ්කාශන කටයුතු ඊයේ (26) සිට යළි ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර ආණ්ඩුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඔස්සේ ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 780ක පළමු සහල් තොගය පසුගියදා (25) රාත්‍රී කොළඹ වරාය වෙත ළඟා වුණා. එම සහල් තොගය කඩිනමින් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරනවා.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි මස 10 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 24 වැනි දින නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව යළි සහල් ආනයන කටයුතු සිදු කරයි.

එම ගැසට් නිවේදනයට අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට ඊයේ පෙරවරුවේ සිට සිය සහල් නිෂ්කාශනය කර ගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT