අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය ඊයේ (26) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන එනු ලැබීය.
එහිදී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දේහය පිළිගනු ලැබු අතර, මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරුන් ප්‍රමුඛව ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය, ප්‍රියා සූරියසේන මහතාගේ පවුලේ ඥාතීහු සහ කලාකරුවෝ රාශියක් එක් වූහ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරීශ්‍රයේදී දේහයට අවසන් ගෞරව දක්වන අයුරු සේයාරුවෙන් දැක්වේ.