Home » විශේෂ අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයාට කරුණු දක්වන්නැයි නියෝග
තිළිණි ප්‍රියමාලිගේ අපේක්ෂිත ඇපය:

විශේෂ අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයාට කරුණු දක්වන්නැයි නියෝග

by mahesh
December 27, 2024 1:00 am 0 comment

සුභාෂිණි සේනානායක

ඩොලර් දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය තිළිණි ප්‍රියමාලි සිදු කළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 2 දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අංක 8 මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (26) නියෝග කළාය.

නීතිඥ සංඛ අමරජිත් මහතා තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් සිදු කළ අපේකෂිත ඇපය සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

රංජිත් එදිරිසිංහ නමැති ව්‍යාපාරිකයකු සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට තම සේවා දායිකාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට නීතිඥවරයා අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.

එම ගනුදෙනුව සිදු ඇත්තේ ඇය සමඟ නොවන බවත් ඇය පදිංචි නිවාස සංකීර්ණයේදී බවත් නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT