Tuesday, April 8, 2025
Home » නිවෙස් හිමිකාරියගේ රියට මෙහෙකරු යට වෙයි

නිවෙස් හිමිකාරියගේ රියට මෙහෙකරු යට වෙයි

by mahesh
December 27, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම- බිමල් ජයසිංහ

නිවෙස් හිමිකාරිය පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයට යටවීමෙන් නිවෙසේ මෙහෙකරු පෙරේදා (25) රාත්‍රියේ මියගොස් ඇතැයි කහතුඩුව පොලීසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ, අතුරුගිරිය, ඔරුවල, අන්නාසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.කේ. ලක්ෂ්මන් නමැති වයස අවුරුදු 55ක දෙදරු පියෙකි. වසර දෙකක පමණ කාලයක සිට එම නිවෙසේ සේවයේ යෙදී සිටින මියගිය පුද්ගලයා පෙරේදා (25) සවස නිවෙසින් පිටව ගොස් මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නිවෙස ඉදිරිපිටට පැමිණ ඉතා අපහසුවෙන් සිට නිව‍ස ඉදිරිපිට රෝලර් ගේට්ටුවෙන් පිටත මාර්ගයේ වැටී ඇති අතර, මේ බව නොදත් නිවෙස් හිමිකාරිය අවශ්‍යතාවක් සඳහා මෝටර් රථය රැගෙන රෝලර් ගේට්ටුව හරහා මෝටර් රථය පිටුපසට ගැනීමේදී නිවෙස ඉදිරිපිට මාර්ගයේ නිදා සිටි මෙහෙකරුගේ ශරීරය මතින් ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කීය.

ප්‍රධාන මාර්ගයට නිසි අයුරින් මෝටර් රථය ගැනීමේදී ඇති වූ අපහසුතාව හේතුවෙන් මෝටර් රථය කිහිපවරක් ඉදිරියට සහ පසුපසට මඳ දුරක් ඒමේඅත ඇය ධාවනය කරන අයුරු නිවෙසේ සවිකර තිබූ සීසිටීවී කැමරාවේ ද සටහන්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරින් බරපතළ තුවාල ලද මෙහෙකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. සිද්ධියත් සමඟ හෘදයාබාධයකට ලක්වූ මෝටර් රථය පැදවූ නිවෙස් හිමිකාර 39 හැවිරිදි කාන්තාව ද ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT