මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථිර සැලසුමට අනුව සිදු විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින ගැටලු හඳුනාගෙන එම ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වු විශේෂ සමුළුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට අවධානය යොමු කරනවා. එමෙන්ම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන හතරක් ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයීම පිළිබඳව වගකීම භාර ගත ගත යුතුයි. දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතුයි. පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර පහේ ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා.”
ඇමැතිවරයා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ප්‍රධාන නිලධාරීන් හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර, එහිදී සෞඛ්‍ය ආයතනවල ගැටලුවලට විසඳුම් දීමට අමතරව සෞඛ්‍ය සේවාව ගුණාත්මක පරිවර්තනයකට යොමු කිරීමට අදාළව නව රජයේ ඉදිරි දැක්ම පිළිබඳව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් වෛද්‍ය අධිකාරිවරුන් ඇතුළු නිලධාරීහු දැනුම්වත් කරනු ලැබූහ.
මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු රෝහල් අධ්‍යක්ෂවරු සහභාගි වූහ.